ඉන්දීය නාවිකයන් 27 දෙනෙකු රැගත් තෙල් ප්රවාහන නෞකාවකට හෝමූස් සමුද්ර සන්ධියේදී ප්රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
කුඩා බෝට්ටුවකින් පැමිණ පිරිසක් අදාළ නෞකාව වෙත ළඟා වී එහි බඳ කොටසට පුපුරණ ද්රව්ය දෙකක් සවිකර පුපුරවා ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම ප්රහාරයෙන් නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හටගෙන ඇති අතර පසුව නෞකාව තාවකාලිකව අක්රිය වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
කෙසේ වෙතත් එම නෞකාවේ සිටි ඉන්දීය නාවිකයන් 27 දෙනාම ආරක්ෂිතව සිටින බවත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව ඉන්දීය රජය තහවුරු කරයි.
නාවිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා ඉන්දීය රජය අදාළ නෞකාව කළමනාකරණය කරන සමාගම සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවට ඉන්දීය වරාය, නාවික හා ජල මාර්ග අමාත්යවරයා ප්රකාශ කර ඇත.
