නව QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබානොගත් පුද්ගලයින්ට අද (19) දිනයේ විශේෂ අවස්ථාවක් ලබාදී ඇත.
ඒ අනුව “QR” කේතය බාගත කර ගැනීමට නොහැකි වූ හෝ, ලියාපදිංචි වීමට නොහැකි වූ මෙන්ම මෙතෙක් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ පිරිසට මෙම අවස්ථාව හිමි වනු ඇත.
“QR” ක්‍රමවේදය අනුව, ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
