මෙරටට ඉන්ධන සැපයිමේ සමාගම් ලෙස රුසියානු සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
ඒ අනුව අදාළ සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවද සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
මෙරටට බොරතෙල් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් ලබන (21) වනදා විවෘත වන අතර රුසියානු සමාගම් දෙකටද ඒ සඳහා අයැදුම් කළ හැකි බවද සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
මෙරටට ඉන්ධන මිලදී ගැනීම සඳහා සමාගම් 15කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත.
