සැකකාරිය සියල්ල වමාරයි.. ගිනි අවියක්, අංක තහඩු 30ක් සොයාගනී.!

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්මලාන ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇත.

ඒ අනුව සැකකාරියකගෙන් අනාවරණය වූ තොරතුරු මත නිවසක සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය, ගිනි අවියක් හා ව්‍යාජ අංක තහඩු ඇතුළු දේපොළ රැසක් සොයා ගැනීමට ගල්කිස්ස පොලිස් නිලධාරීන් සමත්වී ඇත.

එම නිවසේ තිබී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 260ක්, මුදල් රුපියල් ලක්ෂ 08ක්, ගිනි අවියක්, ජීව පතොරමක්, යතුරුපැදි සඳහා භාවිත කරන ව්‍යාජ වාහන අංක තහඩු 08ක්, ත්‍රිරෝද රථ ව්‍යාජ අංක තහඩු 04ක්, මෝටර් රථ ව්‍යාජ අංක තහඩු 18ක්, ඉලෙක්ට්‍රොනික තරාදියක්, රන් මාල 02ක්, රන් වළල්ලක්, රන් මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉහත දේපොළ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් මෙම සැකකාරියට ලැබී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest