විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ලේ නියෝගයට දින නියම කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිල්ල පිළිබඳ නියෝගය ලබන ජනවාරි (12) වනදා ප්‍රකාශයට පත් කරන බවට අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ගොනු කර ඇති මෙම පැමිණිල්ල තුළ බැලූ බැල්මටම නඩු නිමිත්තක් පවතින්නේද යන්න සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, අසංක නවරත්න, මහින්ද පතිරණ සහ සුගීශ්වර බණ්ඩාර යන හය දෙනා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel