අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් 6 දෙනාට වැඩ වරදී.!

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා අද (25) පස්වරුවේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දේවමෙහෙයකට යතුරුපැදියකින් ඊයේ (24) රාත්‍රියේ ගමන් කරමින් සිටියදී ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී යතුරුපැදිවලින් ලුහුබැඳ පොලිස් කණ්ඩායම කතෝලික පියතුමාට පහරදී ඇත.

අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බව පවසමින් කතෝලික පියතුමා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඊයේ (24) ඇතුළත්ව ඇත.

Advertisements
Advertisements
5 Comments
Most Voted
Newest Oldest