By unusuma.lk on
(LK time)ලංකාවේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ විසින් සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහට හෙවත් “බතල හීන්මහත්තයා” අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (28) දින තහනම් කළේය.
මෙම දේපළ ජේ.ඒ.ජයසිංහගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති අතර ඒ අනුව අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කළේය.
අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (29) දින වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.