බලය පවරමින් ජනපති අනුර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.!

රටේ ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත, දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය, මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පවරා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

රජය ලබාගන්නා විදේශ ණය සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමේ බලය, භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිවන අතර රාජ්‍ය සංස්ථාවකට හෝ පොදු ව්‍යවසායකට විදේශ ණයක් ලබාගැනීමට රජයෙන් ලබාදෙන ඇපකරවලට අත්සන් තැබීමේ බලය ද, නව ගැසට් නිවේදනයට අනුව භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිවේ.

ලක් රජය විසින් එළඹිය යුතු එවැනි ගිවිසුමක් හෝ ඇපකරයක් සදහා අවශ්‍ය ඕනෑම කොන්ත්‍රාත්තුවක්, බැඳුම්කරයක්, පොරොන්දු පත්‍රයක් හෝ වෙනත් ලේඛණයක් අත්සන් කිරීමේ බලයද මහා භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිවේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.