බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.
