පාස්කු ප්රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා අද (04) දින කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත පැමිණියේය.
අනතුරුව එලෙස පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව එළැඹෙන (25) වන දින ප්රකාශ කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කර ඇත.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර මාලාවට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් පැනවීමට අධිකරණය නියෝග කළේය.
