හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (17) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වා ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නැවත දැනුම් දී ඇත.
කෙසේ වෙතත් මීට පෙර දිනයක ගෝඨාභය රාජපක්ෂට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණද එදිනට පැමිණීමට නොහැකි බවට ලිඛිතව කොමිසමට දැනුම් දී තිබුණේය.
