කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පිස්තෝල බවට සැක කල හැකි ගිනිඅවි 2ක් හා බෝර 12 වර්ගයේ උණ්ඩ ඇතුළු ආයුධ කිහිපයක් සමග පුද්ගලයෙකු (23) දින මාවනැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොහොම්මදු තව්ෆික් මොහොමඩ් අස්කි නමැත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කිරිගල හන්දිය, මුරුතවෙල, මාවනැල්ල ප්රදේශයේ නිවසක සිටියදී ආයුධ සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී හදුනානොගත් පිස්තෝල අවි 2ක්, මැගසින් 5ක්, ඊයම් බෝල 156ක්, බෝර 12 ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන උණ්ඩ 20ක්, ඊයම් කැබලි ලෙස ඇති ඊයම් ග්රෑම් 47යි මිලග්රෑම් 360ක් සොයාගෙන ඇත.
තවද බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන ලී බට් (1), තලය අඟල් 5ක් පමණ දිගින් යුත් තියුණු උලක් සහිත පිහියක්, I Phone- 13 වර්ගයේ ජංගම දුරකථනයක් මෙහිදී පොලිසිය සිය භාරයට ගෙන ඇත.
