By unusuma.lk on
(LK time)ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ, ගාසා තීරයේ හමාස් නායක මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බවයි.
මේ මස මුලදී මොහොමඩ් සින්වාර් ඉලක්ක කර දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කල බවත් අනතුරුව පසුගිය (21) වැනිදා ඔහු මියගොස් ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
හමාස් සංවිධානයේ නායක, මොහොමඩ් සින්වාර්, පසුගිය 2023 වසරේ ඔක්තෝබර් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරු වන යාහියා සින්වාර්ගේ බාල සහෝදරයා වේ.
එහෙත් හමාස් නායක මොහොමඩ් සින්වාර්ගේ මරණය සම්බන්ධයෙන් හමාස් සංවිධානය තවමත් නිවේදනයක් නිකුත් කර නොමැත.