අපි අයි.එම්.එෆ් එක්ක දැනටමත් සකච්ඡා කර අවසන්.. හරිනි කියයි.!

මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය ක්ර්ථිිය්යා සිටියේ, ආර්ථිකය සිර නොකර ණය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් තම කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කළ බවද ඇය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියාසිටියේ,

“මේ වන විට ජනතාව මත අසීමිත ලෙස පටවා තිබෙන බර සම්බන්ධයෙන් මෙන්ම ණය කළමනාකරණය කිරීමේදී අපේක්ෂා කරන සහාය පිළිබඳව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කළ යුතුයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා ජාතික ජන බලවේගයට ඉදිරියේදී ලැබෙන ජනවරම අනුව සමාලෝචනයට ලක්කර නව යෝජනා ඉදිරිපත් කරනවා, ආර්ථිකය වර්ධනය කිරීමට සහ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟීමට බාධා වන ලෙස ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ රටේ ආර්ථිකය සිර කිරීමට ජාතික ජන බලවේගය සූදානම් නෑ. ජනතාවට බරක් නොවන ලෙස මේ ක්‍රියාවලි දෙකම සිදු කරගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණිය යුතුයි.

එමෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ,

තම පක්ෂයට දිගින් දිගටම සමඟි ජන බලවේගය සමඟ කරන විවාදයේ එල්ලී සිටීමට නොහැකි බවත්, එම විවාදය ජාතික ජන බලවේගය ඉල්ලූ එකක් නොවන අතර එම විවාදය ඔවුන් කළ යෝජනාවට අනුව අනුර සහෝදරයා වෙනුවෙන් තම පක්ෂය දින ලබාදුන් බවත්ය.

සජබ ආර්ථික කවුන්සිලය හා විවාදයක් පැවැත්වීම ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර නැති බව කියා සිටි ඇය, ජනතාවට මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අදහස් බැවින් එයට ප්‍රමුඛතාව දීමට තීරණය කළ බව පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close