අගමැති හරිනි දිවයිනෙන් පිටව යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරය බලා පිටත්ව ගියේය.

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එලෙස පිටත්ව ගියේය.

අද (31) සිට නොවැම්බර් (06) දක්වා සිදු කෙරෙන මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡාවල නිරත වීමටත්, පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට පොදුවේ වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡා වලට සහභාගි වීමටත් නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel