මාළු බෝට්ටුවෙන් රුපියල් 170,000,000,000ක හෙරොයින් මතුවෙයි.!

රුපියල් බිලියන 17ක හෙවත් රුපියල් කෝටි 1,700කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී සෝදිසි කරන ලද බහුදින ධීවර යාත්‍රාවක තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම තොගය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 67යි ග්‍රෑම් 452ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 191යි ග්‍රෑම් 752ක් හඳුනාගෙන ඇත.

නාවික හමුදාව පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 07 දෙනකුද එහිදී අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකරුවන් අවුරුදු 20ත් 58ත් අතර වයස්වල පසුවන හික්කඩුව, අහුන්ගල්ල, බේරුවල, ගෝනාපීනුවල සහ අළුවල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම මත්ද්‍රව්‍ය සහිත බහුදින ධීවර යාත්‍රාව පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර දික්ඕවිට බටහිර කොළඹ වරායට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට ගෙන ඒමෙන් පසු පසුගිය සෙනසුරාදා පෙරවරුවේ නාවික හමුදාපතිවරයාද එය නිරීක්ෂණය කළේ ය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments