හෝමාගම පොලිසිය භාරයේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අද (28) අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම තරුණයා හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරියක රඳවා සිටියදී මියයෑමේ සිද්ධියට අදාළව අපරාධ අංශ ස්ථානාධිපතිවරයා වැඩතහනමට ලක්ව සිටියේය.
අදාළ සිද්ධියට අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවයද මේ වනවිට අත්හිටුවා ඇත.
