ජාතික නිදහස් දින සැමරුම් උළෙල පිළිබඳ පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
79 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
මෙවර නිදහස් දින උළෙලේ තේමාව, සංවිධාන කටයුතු, වැඩසටහනේ පෙළගැස්ම සහ ආගමික කටයුතු ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
අමාත්‍යවරුන් වන හිනිදුම සුනිල් සෙනෙවි, වසන්ත සමරසිංහ, චන්දන අබේරත්න, සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
