2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.
ලෝක කුසලානයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට අවසර ලැබී ඇති නමුත් ඉන්දියාවට එරෙහිව තම කණ්ඩායම ක්‍රීඩා නොකරන බව පාකිස්තාන රජය සඳහන් කරයි.
“2026 පෙබරවාරි (15) වන දින ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟයේදී පාකිස්තානය ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසෙන්නේ නැත,” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව, පාකිස්තානය, නැමීබියාව, නෙදර්ලන්තය, අමෙරිකාව මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබයි.

