LIVE
By unusuma.lk on [last-modified] (LK time)
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බව වාර්තා වෙයි.
මෙම ගුවන් යානය තුළ අඩි 110ක් දිගැති, මෙට්‍රික් ටොන් 65ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් ද ඒ අතර වන බව වාර්තා වෙයි.
ඒ සමඟ ඉන්දියාවේ යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13දෙනෙකු ද සහාය දැක්වීම සඳහා මෙරටට පැමිණි බව වාර්තා වෙයි.
මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.





