අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර මැදිහත් වීම මත ඉදිරිපත් වූ තාවකාලික සාම සාකච්ඡා හෝ සටන් විරාමයන් මගින් පවතින ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බව ඉරානය සඳහන් කරයි.
එනිසා තාවකාලික සටන් විරාමයකට එකඟ වීම වෙනුවට පවතින ගැටුම් සඳහා “ස්ථිර සහ තීරණාත්මක නිමාවක්” අත්‍යවශ්‍ය බව ඉරානය අවධාරණය කරයි.
තවද හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙසට ඉරානය වෙත එල්ල වන බලපෑම්වලට සිය විරෝධය පළකර ඇත.
පකිස්තානය හරහා අමෙරිකාව වෙත සිය පිළිතුර යොමු කරමින් ඉරානය මෙම තීරණය දැනුම් දුන් බව ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA සඳහන් කරයි.

