මධ්‍යම ඉරානයට ඉහළ අහසේදී ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානයක් වන F-16 සාර්ථකව ඉලක්ක කර පහරදුන් බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.
ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ දියුණු සතුරු ප්‍රහාරක යානා ඇතුළු සතුරු ගුවන් යානා 200කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර විනාශ කළ බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.
එමඟින් ඉරාන ගුවන් කලාපයේ තර්ජන නිරීක්ෂණය කිරීමට සහ ඒවාට මුහුණ දීමට IRGC සතු වැඩිදියුණු කළ හැකියාවන් පෙන්නුම් කළ බවද සඳහන් කරයි.
ඊශ්‍රායල F-16 යානය ඉලක්ක කර පහරදීම විදේශීය ආක්රමණයන්ට එරෙහිව තම ගුවන් අවකාශය ආරක්ෂා කර ගැනීමට ඉරානයේ වර්ධනය වන මිලිටරි ශක්තිය සහ සූදානම පිළිබඳ ප්‍රකාශයන් පිළිබිඹු කරන බවද සඳහන් කරයි.
මේ අතර ටෙහෙරාන් අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක සිටි ගුවන් යානය ඔවුන්ගේ ඉලක්කය වූ බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.
