අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව අද (28) දින දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) තහවුරු කරයි.
තවද ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපකට මේ වනවිට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉරානය පළමුවෙන් බහරේනයේ පිහිටි අමෙරිකානු කඳවුරු පිහිටා ඇති මනමා අගනුවරට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) මෙන්ම කුවේට් දේශයට ප්‍රහාර එල්ල කර ඇත.
මෙම ප්‍රහාර හේතුවෙන් මේ වනවිට කටාර්, කුවෙට්, එක්සත් අරාබි මෙන්ම සෞදි අරාබිය සිය ගුවන් කලාප වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
