කිසිදු සටන් විරාම යෝජනාවක් ඉරානය විසින් ඉදිරිපත් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.
ඉරානය විසින් කරුණු පහකින් යුත් සටන් විරාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවට පැතිර යන පුවත් හුදෙක් මාධ්‍ය වල පලවන දෑ පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ආක්‍රමණිකයාට දඬුවම් පමුණුවන තෙක් සහ ඉරානයට සිදුවූ හානි සඳහා පූර්ණ වන්දි ගෙවන තෙක් මෙම යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

