ඉරාන ඉස්ලාමීය ආරක්ෂක බළකායේ නාවික හමුදාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා නව සිතියමක් හඳුවන්වා දී ඇත.
හොමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන නාවික හමුදාව අටවා ඇති මුහුදු බෝම්බ මගහැර යාත්‍රා කිරීම සඳහා මෙම සිතියම භාවිතයට ගත හැකි බව ඉස්ලාමීය ආරක්ෂක බළකාය සඳහන් කරයි.
කෙසේ වෙතත් තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය තෙල් ප්‍රවාහන නෞකා සඳහා සම්පූර්ණයෙන් විවෘත කර ඇත්දැයි ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

