Advertisements

අමෙරිකා – ඉරාන යුද්ධයේ අවසන් තීරණයට සූදානම්.. ආරක්ෂාව දැඩි කරයි

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක හේතූන් මත දින දෙකක කාලයක් ඉස්ලාමාබාද් නගරයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ලොක් ඩවුන් තත්ත්වයක පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance), ජනාධිපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පකිස්තානයට පැමිණීමට නියමිතව ඇත.

ඉරානය විසින් යෝජනා කරන ලද කරුණු 10ක් මත පදනම් වු බැරෑරුම් සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් වෙත විශේෂ නියෝජිත පිරිසක් පැමිණෙන බව පාකිස්තානයේ ඉරාන තානාපතිවරයා සඳහන් කරයි.

එම නියෝජිතයින් නවාතැන් ගන්නා තරු පහේ සෙරීනා හෝටලය (Serena Hotel) කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 3ක ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

එම කලාපය තුළ දැඩි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති අතර සාමාන්‍ය ජනතාවගේ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අමෙරිකානු රහස් ඔත්තු සේවා කණ්ඩායම් දැනටමත් ඉස්ලාමාබාද් නුවරට පැමිණ ඇති බව වාර්තා වේ.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest