LIVE
අද (16) රාත්‍රියේ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමෙන් බරතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ 44 හැවිරිදි පුද්ගලයා මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම අතරතුර කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකුට ද වෙඩි වැදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.
ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

