ජොන්ස්ටන්ට මොකද වෙන්නේ.?

රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ (19) දින කැඳවයි.

අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් (16) වැනිදා යළිත් කැඳවිමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරි වලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා ඇත.

ඒ අනුව රජයට පාඩුවක් සිදු කළ බවට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel