ජොන්ස්ටන්ට දින නියම කරයි.!

සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරි වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු (06) වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ අද (12) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

වෙනත් නඩුවක් සඳහා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අද අධිකරණයට ඉදිරිපත් කළේය.

හිටපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest