අද (13) දින උදෑසන කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක හදිසි ගින්නක් හටගෙන ඇත.
කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර මෙම ගින්නෙන් විදුලි පද්ධතියට හානි සිදුව ඇත.
කෙසේ වෙතත් පද්ධතියට හානි වීම හේතුවෙන් කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්දී වී ඇත.
