දේශපාලනය ප්‍රභූන්ට පමණක් සීමා නොකරන්න.. කරූගෙන් ජනපතිට අනුශාසනා.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ අනුශාසක හිටපු කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබේ.

හිටපු කතානායකවරයා අදාළ ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට නිදහස ලබන විට ඉඩම් හිමි උගත්, ධනවත් ප්‍රභූ පන්තියට පමණක් සීමා වී තිබූ දේශපාලනය තුළ 1956 වසරෙන් පසු සාමාන්‍ය පොදු මිනිසාට ඉඩ කඩ ලැබුණු බවත් ඉන් විශාල සමාජ විපර්යාසයක්ද ඇති වූ බවත් ය.

හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම තුලින් ධනවතුන්ට, ව්‍යාපාරිකයින්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වන බවත් මේ තුළින් අවංක සමාජ සේවකයන්ට දේශපාලන ක්ෂේත්‍රයට ඉදිරිපත්විය නොහැකි වනු ඇති බවත් එම ලිපිය මගින් හිටපු කතානායකවරයා පෙන්වා දී තිබේ.

තවද තමන් ඇතුළුව ඉතා සුළු පිරිසක් මෙම විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවුවද අති බහුතරයක් මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ මෙම විශ්‍රාම වැටුපෙන් බවත් පෙන්වා දෙන කරූ ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බැවින් එහිදී මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසය.

6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments