අධිකරණ නියෝග නොතකමින් උපවාසයක නිරතව සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයා බැලීම සඳහා වූ වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
තවද, අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළ බලංගොඩ කස්සප ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දන්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කළේය.
