අද (11) දින බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අනුරාධපුර සත්‍යග්‍රහය සිදුකරමින් සිටි ස්ථානයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
මේ මොහොතේ සිට වතුර බිඳක්වත් පානය කරන්නේ නැති බවත් එනිසා අපිට වතුර බෝතලයක් ලබාදෙන්න එපා බව බලංගොඩ කස්සප හිමි සඳහන් කරයි.
මාරාන්තික උපවාසය ගැන බලංගොඩ කස්සප හිමි සඳහන් කළේ,
“මේ මොහොතේ සිට අපි වතුර බිඳක්වත් පානය කරන්නේ නැහැ. මෙතනට එන අය අපිට වතුර බෝතලයක්වත් පූජා කරන්න එපා. අපි සම්පූර්ණයෙන් ආහාරවලින්, ගිලන්පසවලින් වළකිනවා කොන්දේසි 2ක් මත.”
“පළවෙනි කොන්දේසිය තමයි මහානායක හාමුදුරුවෝ පොරොන්දුවූ පරිදි ඥානසාර හාමුදුරුවෝ කොන්දේසි විරහිතව නිදහස් කරන්න මැදිහත් වෙන්න ඕනේ. දෙවෙනි කොන්දේසිය තමයි මේ අනුරාධපුර පුණ්‍ය භූමිය ඉන්දියානුකරණය කරන ගැසට් පත්‍රය හකුල ගන්න ඕනේ.”
