අනුරාධපුර රුවන්වැලි මහා සෑය පරිශ්රයේ සත්යග්රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට ලබන (20) වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත්වරයා නොතීසි නිකුත් කර ඇත.
අනුරාධපුර පූජා නගරයේ නව සැලැස්මට විරෝධය පළ කරමින් එය ඉවත් කර ගන්නා ලෙස රජයට බල කරමින් බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස මෙම සත්යග්රහය පවත්වයි.
මේ අතර එම සත්යග්රහයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.
බලදුර රංගිරියලාගේ ප්රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්රසාද් නමැති පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගත්තේය.
