කොළඹ විහාර මහාදේවී උද්යානයේ පැවති සත්යග්රහය අතරතුර බලංගොඩ කස්සප හිමි සිදුකළ ජනතාව කුපිත කරවන නොමග යවන ප්රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව බලංගොඩ කස්සප හිමිගේ ප්රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී ඇත.
ජාතික ජන බලවේගය පක්ෂ මුලස්ථානයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
විහාර මහාදේවී උද්යානයට පිහි දෙකක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි පසුගිය (22) වැනිදා මාධ්යට කර ඇති ප්රකාශය සම්පුර්ණයෙන්ම අසත්ය සහ ජනතාව නොමග යවන සුළු වැරදි ප්රකාශයක් බව පොලීසිය අධිකරණයට කරුණු දක්වා ඇත.
අසත්ය ප්රකාශ ජනගත කිරීම පොලිස් ආඥා පනතේ 98 වන වගන්තිය උල්ලංඝණය කිරීමක් වන බැවින් ප්රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් ඊට අදාළ සංස්කරණය නොකළ දර්ශන පොලීසිය වෙත ලබාදෙන ලෙසට මාධ්ය ආයතනවලට නියෝග කරන ලෙසද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව කරුණු සලකා බැලු මහේස්ත්රාත්වරයා අදාළ ප්රකාශය සම්බන්ධව සංස්කරණය නොකළ දර්ශන පොලීසිය වෙත ලබාදෙන ලෙසට මාධ්ය ආයතනවලට නියෝග කළ අතර එම විමර්ශන වල ප්රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළේය.
