රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප ඇතුළු හික්ෂූන් පස් නමට ඇප ලබා ගැනීම වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා, අදාළ නඩුව කැඳවන්නැයි නීතිඥ කාලිංග රවින්ද්‍ර කළ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න ප්‍රතික්ෂේප කළේය.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් සම්බන්ධයෙන් නීතිපතිවරයා එම ඉල්ලීම කළේය.
එම සැකකාර භික්ෂූන් සහ සිවිල් වැසියන් තුන්දෙනෙකු, ලබන (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අනුරාධපුර රුවන්වැලිසෑය දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහයට තවත් පිරිසක් සමග කඩා වැදී කලහාකාරී ලෙස හැසිරී, රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වේ.
