අධිකරණයට ආ කස්සප හිමිට දුන් නියෝගය

අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමි ඊයේ (15) දින සවස ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත රැගෙන ආවේය.

ඒ අනුව අද (16) දින ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව සඳහා බලංගොඩ කස්සප හිමි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එස්.එස්.සම්සුදීන් ඉදිරියට කස්සප හිමි ඉදිරිපත් කළ අවස්ථාවේ, කස්සප හිමි වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටි අතර කස්සප හිමියන් එහිදී අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් තනිව කරුණු දක්වා ඇත.

අනතුරුව අදාළ සිද්ධියට, අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට අදාළව බලංගොඩ කස්සප හිමි හෙට (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ අතර ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව පසුගිය (11) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

නඩුව විභාගයට ගත් අවස්තාවේදි බලංගොඩ කස්සප හිමි ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට නොමැත.

ඒ අනුව බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel