Advertisements

කටුනායකින් පිටත්වූ ගුවන් යානය ඉන්ධන දහනය කරමින් හදිසියේම ගොඩබස්වයි

අද (11) දින උදෑසන කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ මගී ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටී ඇත.

අනතුරුව යානයෙහි ඉන්ධන සංචිතය අඩුකර ගොඩබැස්ස වීමට සුදුසු මට්ටම තෙක් පැය 03 විනාඩි 15ක් මීගමුව කළපුව ආසන්න මුහුදු ප්‍රදේශයේ පහතින් අඩු වේගයකින් ගමන් කරනු ලැබීය.

ගුවන් යානයෙහි වූ ඉන්ධන සංචිතය සමග යළි ගොඩබැස්සවීම ජාත්‍යන්තර ගුවන්ගමන් සංවිධානයේ නවතම නීතිරීති වලට පටහැනි වන බැවින් ඉහළ අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමේ කටයුතු සිදුකර ඇත.

අනතුරුව ඉහළ අහසේ පියාසර කරමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් TK-731 දරන මගී ගුවන් යානය මේ වනවිට ආරක්ෂිතව ගොඩබස්වා ඇත.

මෙම යානය පුළුල් බද සහිත A- 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි ගුවන් මගීන් 246ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු සිට ඇත.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest