Advertisements

කටුනායක ගුවන් තොට තවත් ලොකු වෙයි

LIVE

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත් වන ගුවන් මගීන් රැඳී සිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.

එම ව්‍යාපෘතිය යටතේ පරීක්ෂා කිරීමේ කවුලු 36ක් සහ මගී පර්යන්තයේ සිට ගුවන්යානා වෙත පිවිසීමේ දොරටු හයක් 06ක් සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර එහිදී ලංසු තුනක් 03ක් ලැබී ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Maga Engineering (Pvt) Ltd වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 7.26ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) සහ රුපියල් බිලියන 3.77ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest