ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ තමන් නොව, එවකට මුදල් අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කරයි.
විත්ති කුඩුවේ සිට දීර්ඝ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කරයි.
කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීමට තමන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කළද ඊට අනුමැතිය හිමි නොවු බවත් ඒ වෙනුවට එවකට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වු බවත් එම තීරණයේ සාමුහික වගකීමට තමන් බැදී සිටින නමුත් ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නඩුවේදී විශාල වශයෙන් සාකච්ඡා වුවද එයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම පත්‍රිකාව ඉදිරිපත් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව, කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කරයි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මාත්‍රා මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය (04) දින ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසන් කරයි.
නඩුවේ විත්ති වාචික වීමසිම (03) දින අවසන් කළ අතර ලිඛිත දේශන නොවැම්බර් (25) සහ වාචික දේශන නොවැම්බර් (30) වැනිදා පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව තීන්දුව ලබාදීම සඳහා දින නියම කිරීමට නියමිතව ඇත.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.
නඩුවේ 08 වන විත්තිකරු වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වන අතර නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර , සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (අධිකරණය මගහැර විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
