කොබෙයිගනේ පොලිසිය භාරයේ සිටි සැකකරුවෙක් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියයාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක්කර ඇත.
සිය රාජකාරිය පැහැර හැරීම මත අදාළ නිලධාරීන්ට මෙම විනය ක්රියාමාර්ගය ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරයි.
පසුගිය ඔක්තෝබර් (25) වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන සැකකරුවෙකු ප්රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදී ඇත.
අනතුරුව දින දෙකක් පුරා එම සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවී ඇති අතර පසුව (27) වැනිදා රාත්රියේදී ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.
