කැලණි ගගේ පහත් බිම් ආශ්‍රිතව පිහිටා ඇති කොලොන්නාව ප්‍රදේශයේ නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්ත්වය ස්ථිරසාරව පාලනය කිරීම සදහා තෙවසරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
මේ යටතේ ක්‍රියාත්මක කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් (02) දින නිල වශයෙන් ආරම්භ කල අතර එහි සමාරම්භය අංගොඩ, මදිනවත්ත, සැලළිහිණි මාවත ඇල කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ.
නිරන්තරව ගංවතුර අවදානමට ලක්වන කොලොන්නාවේ ජලාපවහන පද්ධති නවීකරණ ව්‍යාපෘතිය මගින් නාගරික ජල ගැලීම් සහ සුළු ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සිදුකරන අතර පූර්ව අනතුරු ඇගවීම් හා ඉක්මන් ජලය බැසයාම යථාවත් කිරීම තුලින් ගංවතුර හානි අවම කිරීම් ද සිදුවේ.
අද ආරම්භ කළ කොලොන්නාව ගංවතුර පාලන ජාතික ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ඇල මාර්ග 04 ක් කුඩා පාලම් සහ බෝක්කු 50 ක් ජල රැඳවුම් තටාක 07 ක් සහ පොම්පාගාර 02 ක් ප්‍රතිසංස්කරණය කෙරේ.
ඒ යටතේ දහම්වෙල ඇල කිලෝමීටර් 3.88 ක් ද පස්සන්න ඇල කිලෝමීටර් 4.88 ක් ද සැලළිහිණි මාවත ඇල කිලෝමීටර් 3.25 ක් ද දඩුතොට ඇල කිලෝමීටර් 0.97 ක් ද ගැඹුරු සහ පුළුල්කර ජල රඳවන ධාරිතාව වැඩිවන ලෙස ප්‍රතිසංස්කරණ සිදු කෙරේ.
ඇල මාර්ග පද්ධතිය සංවර්ධනයට සමගාමීව ඒ ආශ්‍රිතව ඇවිදින මංතීරු සහිතව මහජන උද්‍යාන නිර්මාණය කිරීමටද නියමිතය. මෙම ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් මිලියන 10,700කි. 2029 වසර අවසන් වීමට පෙර සමස්ත ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කෙරේ.
ප්‍රතිසංස්කරණ කාර්යයන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදුකෙරේ.
ඇල වේලි සංරක්ෂණය සහ කසල කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වාර්මාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.

