අද (04) දින කටුගස්තොට, කුඩුගල ප්රදේශයේ රථවාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලක හදිසි ගින්නක් හටගෙන ඇත.
මෙම හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර සහ මාතලේ ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවීමේ රථ යොදවා ඇති අතර මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වේ.
මෙම ගින්න හේතුවෙන් මහනුවර – යාපනය A9 ප්රධාන මාර්ගයේ කටුගස්තොට, කුඩුගල ප්රදේශයෙන් රථවාහන ගමනාගමනය පැයකට ආසන්න කාලයක් නතර කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
