පුද්ගලයෙක් ඝාතනය කර පාළු ළිඳකට දමා යයි

පුද්ගලයෙක් ඝාතනය කර හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳකට දමා තිබියදී සොයාගෙන ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන තරුණියක් සහ තරුණයන් දෙදෙනෙකු හොරොව්පොතාන පොලිසිය විසින් ඊයේ (15) දින ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 23 සහ 26 යන වයස්වල පසුවන අතර ඔවුන් තිදෙනාම ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් (24) හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයාගත්තේය.

අනතුරුව එම මළ සිරුර හමුවීම සම්බන්ධව සිදුකළ විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇති අතර පසුව සිදුකළ විමර්ශන වලින් අනතුරුව ඊයේ (15) දින එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel