මෙම නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට LPG ගෑස් නැව්ගත කිරීම් තුනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.
හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීමට අදාළ අනුමැතීන් ලබාගැනීමට බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද එම සමාගම සඳහන් කරයි.
ගෑස් සැපයුම සම්බන්ධව ඇතිවු බාධා හේතුවෙන් පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සිය කනගාටුව පළ කරන බවත් ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව කැපවී සිටින බව එම සමාගම සඳහන් කරයි.
නොවැම්බර් මාසයේ ළඟාවීමට අපේක්ෂිත LPG නැව්ගත කිරීම් පහතින් දැක්වෙයි.
OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය) – නොවැම්බර් (12) – (14)
Geogas සැපයුම්කරු (කොළඹ වරාය) – නොවැම්බර් (15) – (17)
OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය) – නොවැම්බර් (24) – (28)
මැදපෙරදිග පවතින ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ප්‍රවාහන බාධා හේතුවෙන් ගෝලීය LPG සැපයුම් දාමයට බලපෑම් එල්ල වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ සැපයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් ලාෆ් සමාගම විසින් හම්බන්තොට මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා ධාරිතාවකින් යුත් ආනයන හා අපනයන පර්යන්තය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සිදුකර ඇති බව දැනුම් දී ඇත.
ආයෝජන මණ්ඩලයේ (BOI) ‘Commercial Hub’ රාමුව යටතේ පවතින කොන්දේසි සහ අතීතයේ ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් ප්‍රතිඅපනයන මට්ටම් පවත්වාගෙන යාමට බාධා ඇති වීම නිසා, මෙම පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීම සීමා වී තිබු බව සඳහන් කරයි.
දැනට පවතින Hub තත්ත්වයෙන් ඉවත්ව, අදාළ බදු සහ තීරුබදු ගෙවීමට යටත්ව පර්යන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් ක්‍රමවේද සකස් කරමින් පවතින බව එම සමාගම සඳහන් කරයි.
