අද (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇත.
රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 6,740කි.
රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,720කි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව එම සමාගම සඳහන් කරයි.
