සීමාසහිත මාතර දිස්ත්‍රික් විවිධ සේවා සමූපකාර සමිතියේ රුපියල් කෝටි 500ක මුදල් වංචා කර, හිටපු සභාපති චමින්ද ගුණසේකර විසින් අයථා ලෙස මිලදී ගත් බව කියන වාහන 12ක භාවිතය තහනම් කිරීමට මාතර මහාධිකරණය නියෝග කර ඇත.
මහාධිකරණය නියෝග කර ඇත්තේ, අදාළ වාහන ලබන වසරේ මාර්තු (11) වැනිදා දක්වා භාවිත කිරීම තහනම් වන බවයි.
විවිධ පුද්ගලයින් සතුව තිබූ අදාළ වාහන අවස්ථා කිහිපයකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මාතර සමුපාකාර සමිතියේ හිටපු සභාපති චමින්ද ගුණසේකරට අයත් ජිප් රථයක් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන භාවිත කර ඇත.
ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) දින පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ අතර කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස් දෙනා ලබන (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
ඒ, ඇයට අයත් වාහනය සඳහා මාතර සමූපකාර සමිතියේ හිටපු සභාපති චමින්ද ගුණසේකර විසින් කල්බදු වාරික ගෙවූ බව කියන සිද්ධියකට අදාළවයි.
