අල්ලස් කොමිසම විසින් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති, අධ්යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා අද (28) දින අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර, සාමපුර ප්රදේශයේ පිහිටි ඉඩමක් හා එහි පිහිටි ගොඩනැගිලි රජයේ ඉඩමක් බවට අඟවා අතුරු බදු ගිවිසුම් සකස් කරමින්, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඒ සඳහා තුන්වන පාර්ශවයක් වෙත අයුතු සහගත හා නීති විරෝධි ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක් ගෙවා ඇති බවත් අධ්යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එකී ගොඩනැගිල්ල අලුත්වැඩියාව සඳහා තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවා ඇති බවද සඳහන් වේ.
ඒ අනුව අයුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීම මගින් රජයට රුපියල් ලක්ෂ 51ක් පාඩුකිරීම යන චෝදනාවන්ට එරෙහිව ලලිත් පියුම් පෙරේරා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
