By unusuma.lk on [last-modified] (LK time)
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම් වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවත් ඔවුන් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.






