සුරාසැල් වසා තැබීම ගැන දැනුම්දීමක්

හෙට (08) දිනයේ දීපවාලි උත්සවය නිමිත්තෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව උතුරු පළාත, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙලෙස මත්පැන් අලෙවි සැල් වසා තැබීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවද, මහිංයගනය හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි සුරාසැල්ද හෙට දිනයේදී වසා තැබීමට පියවර ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel